20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය පාවිච්චි කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විනය ක්‍රියා මාර්ග ගැනීම කෙසේ වෙතත් ඔහුට එරෙහිව ඩයනා ගමගේ මහත්මිය නම් විනය ක්‍රියා මාර්ග ගනු ඇතැයි ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය පාවිච්චි කර තිබෙන්නේ සමගි ජන බලවේගයේ අයිතිකාරිය වන ඩයනා ගමගේ මහත්මිය යැයි ද, ඒ අනුව රට-ජාතිය වෙනුවෙන් සිය හෘද සාක්කියට එකඟව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගැනීමට ඇයට හැකියාවක් සහ බලයක් තිබෙන බව ද ඔහු සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය කඩා එම පක්ෂයත්-පාක්ෂිකයාත් විනාශ කළ සජිත් ප්‍රේමදාස ප්‍රේමදාස මහතාට සමගි ජන බලවේගයේ සිටින මන්ත්‍රීවරුන්වවත් එකට තබා ගැනීමට නොහැකි වී ඇතැයි ද, විවිධ අයට ඔහු චෝදනා එල්ල කරමින් සිටින්නේ ඒ නිසා යැයි ද ඔහු අවධාරණය කර සිටියේය.
අනුරාධපුරයේ දී අඟහරුවාදා (27) පැවැති මහා ජන රැස්වීමකට එක් වෙමින් මේ බව පැවැසූ නාමල් රාජපක්ෂ මහතා එහිදී වැඩි දුරටත් සඳහන් කළේ, පාර්ලිමේන්තුවේ දී සිය හෘද සාක්කියට අනුව යම් කිසි පනතකට පක්ෂව හෝ විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට ඕනෑම අයෙකුට මූලික අයිතියක්, බලයක් සහ හැකියාවක් තිබෙන බවය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා නම්, සිය හෘද සාක්කියට අනුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය පාවිච්චි කළ කිසිවෙකුට එරෙහිව විනය සහ නීති ක්‍රියා මාර්ග ගැනීමට ඔහුට කිසිදු හැකියාවක් නොමැති බව ද නාමල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.
Lanka Newsweek © 2026